දකුණුපුරේ තියෙන තවත් හරි අපූරු පුදබිමක් තමයි වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය කියන්නේ.කොහෙද මේක තියෙන්නේ? වැලිගම ටවුන් එකට එන ඕනෑම කෙනෙක්ට ඉතා පහසුවෙන් මෙතනට යන්න පුළුවන්. ආසන්න වශයෙන් වැලිගම ප්‍රධාන බස් නැවතුමේ ඉඳන් 2 km වගේ තමා තියෙන්නේ. පා ගමනින් යන්න පුළුවන් ඉතින්, වැඩි දුරක් නැ ටවුන් එකට..
හරි ! කොහොම වුනත් ලංකාවේ ඉන්න ගොඩක් බෞද්ධයෝ මේ තැන ගැන ලොකුවට විස්තර දන්නේ නෑ. ඒ නිසාමයි මම තීරණය කළේ "ශ්‍රී දකුණෙන්" ඔයාලා එක්ක මේ ඓතිහාසික පුදබිමේ තොරතුරුත් මේ විදියට බෙදාගන්න.
මේ විහාරස්ථානයේ ආරම්භය?විහාරස්ථානයේ ආරම්භය ක්‍රි. පූ 256 දක්වා දිව යනවා.
ඇයි මේ විහාරස්ථානයට අග්‍රබෝධි විහාරය කියලා කියන්නේ?අනුරාධපුර යුගයේදී දෙවන පෑතිස් රජුගේ දායකත්වයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ හා සංඝමිත්තා තෙරණියගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහමෙව්නාවේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ප්‍රථම බෝධිය මෙම වැලිගම් වෙහෙර පින්බිමේ රෝපණය කරලා තියෙනවා. ඒ අනුව තමා වැලිගම අග වූ බෝධීන් වහන්සේ ( අග්‍රබෝධි ) නමින් මෙම ස්ථානයේ ප්‍රකට වෙන්නේ. මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ හා සංඝමිත්තා මෙහෙණියගේ අනුශාසනා පරිදි ආරම්භ කළ මෙම විහාරය එදා "වැලිගම් වෙහෙර" කියලා තමා හැඳින්වුණේ. පසුව "අග්බෝ වෙහෙර" නම් වුණු බව තිසර,කෝකිල,පරවි යන සංදේශ වලින් හෙළි වෙලා තියෙනවා.ඊට අමතරව මෙම පුදබිමේ තතු මහාවංශයේ බෝධිවංශයේ, නිකාය සංග්‍රහයේ සඳහන් වෙනවා. මේ පුදබිමේ ඉතිහාසය තවත් සැකෙවින් ?ක්‍රි.ව.1202 දී කල්‍යාණවතී රැජිණ විසින්ද, ක්‍රි. ව.1302 දී IV පරාක්‍රමබාහු නිරිඳුන් විසින්ද, ක්‍රි.ව.1340 දී IV බුවනෙකබා නිරිඳුන් විසින්ද සංවර්ධනය කළ වසර 2300 ක් පැරණි මෙම විහාරය 14,15 සියවස්වල පෘතුගීසීන් හා ලන්දේසීන් ආක්‍රමණ කාල තුළ විනාශ වුණා. එය නැවත වැලිවිට සරණංකර සංඝරාජයාණන්ගේ ශිෂ්‍ය, පහත රට ප්‍රධාන සංඝනායක වූ "අගළකඩ ධම්මරක්ඛිත මහ ස්වාමීන් වහන්සේ" විසින් ප්‍රතිසංස්කරණය කරලා අගලකඩ සඟ පරපුර ඇති කරා. එවකට කීර්ති ශ්‍රී රාජසිංහ සහ රාජාධිරාජසිංහ යන රජවරුන්ගේ අනුග්‍රහය ද උන්වහන්සේට නොඅඩුව ලැබිලා තියෙනවා. මෙහි වැඩ සිටි බඹරැන්දේ දේවානන්ද හිමියන් විසින් රචිත "ඉන්ද්‍රනීල වණ්ණ පත්ත.... " යන ගාථාවේ "අග්ගබෝධි නාම... "යනුවෙන් දක්වන්නේ මෙම බෝධීන් වහන්සේය. කුෂ්ඨ රාජගල බෝසත් ප්‍රතිමාවද එදා විහාරස්ථානය සතු දේවාලයක් විය. අෂ්ඨ මංගල ශිලාව ඇතුළු බොහෝ කෞතුක භාණ්ඩ සුරක්ෂිතව ඇති මෙම විහාරය 2009 වර්ෂයේ දී රජය පිළිගත් පූජා භූමියක් බවට පත්කරලා තියෙනවා.
ඔන්න ඕකයි ශ්‍රී දකුණේ වැලිගම අග්‍රබෝධි රජමහා පින්බිමේ කතාව. මම හිතනවා මගේ යාළුවෝ මේ ලිපියෙන් යම්දෙයක් ඉගෙනගන්න ඇති කියලා. එහෙනම් මතක ඇතිව comment එකකුත් දාලා යන්නකෝ.
ඇයි මේ විහාරස්ථානයට අග්‍රබෝධි විහාරය කියලා කියන්නේ?
අනුරාධපුර යුගයේදී දෙවන පෑතිස් රජුගේ දායකත්වයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ හා සංඝමිත්තා තෙරණියගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහමෙව්නාවේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ප්‍රථම බෝධිය මෙම වැලිගම් වෙහෙර පින්බිමේ රෝපණය කරලා තියෙනවා. ඒ අනුව තමා වැලිගම අග වූ බෝධීන් වහන්සේ ( අග්‍රබෝධි ) නමින් මෙම ස්ථානයේ ප්‍රකට වෙන්නේ. මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ හා සංඝමිත්තා මෙහෙණියගේ අනුශාසනා පරිදි ආරම්භ කළ මෙම විහාරය එදා "වැලිගම් වෙහෙර" කියලා තමා හැඳින්වුණේ. පසුව "අග්බෝ වෙහෙර" නම් වුණු බව තිසර,කෝකිල,පරවි යන සංදේශ වලින් හෙළි වෙලා තියෙනවා.ඊට අමතරව මෙම පුදබිමේ තතු මහාවංශයේ බෝධිවංශයේ, නිකාය සංග්‍රහයේ සඳහන් වෙනවා.
මේ පුදබිමේ ඉතිහාසය තවත් සැකෙවින් ?
ක්‍රි.ව.1202 දී කල්‍යාණවතී රැජිණ විසින්ද, ක්‍රි. ව.1302 දී IV පරාක්‍රමබාහු නිරිඳුන් විසින්ද, ක්‍රි.ව.1340 දී IV බුවනෙකබා නිරිඳුන් විසින්ද සංවර්ධනය කළ වසර 2300 ක් පැරණි මෙම විහාරය 14,15 සියවස්වල පෘතුගීසීන් හා ලන්දේසීන් ආක්‍රමණ කාල තුළ විනාශ වුණා. එය නැවත වැලිවිට සරණංකර සංඝරාජයාණන්ගේ ශිෂ්‍ය, පහත රට ප්‍රධාන සංඝනායක වූ "අගළකඩ ධම්මරක්ඛිත මහ ස්වාමීන් වහන්සේ" විසින් ප්‍රතිසංස්කරණය කරලා අගලකඩ සඟ පරපුර ඇති කරා. එවකට කීර්ති ශ්‍රී රාජසිංහ සහ රාජාධිරාජසිංහ යන රජවරුන්ගේ අනුග්‍රහය ද උන්වහන්සේට නොඅඩුව ලැබිලා තියෙනවා.
මෙහි වැඩ සිටි බඹරැන්දේ දේවානන්ද හිමියන් විසින් රචිත "ඉන්ද්‍රනීල වණ්ණ පත්ත.... " යන ගාථාවේ "අග්ගබෝධි නාම... "යනුවෙන් දක්වන්නේ මෙම බෝධීන් වහන්සේය. කුෂ්ඨ රාජගල බෝසත් ප්‍රතිමාවද එදා විහාරස්ථානය සතු දේවාලයක් විය. අෂ්ඨ මංගල ශිලාව ඇතුළු බොහෝ කෞතුක භාණ්ඩ සුරක්ෂිතව ඇති මෙම විහාරය 2009 වර්ෂයේ දී රජය පිළිගත් පූජා භූමියක් බවට පත්කරලා තියෙනවා.
ඔන්න ඕකයි ශ්‍රී දකුණේ වැලිගම අග්‍රබෝධි රජමහා පින්බිමේ කතාව. මම හිතනවා මගේ යාළුවෝ මේ ලිපියෙන් යම්දෙයක් ඉගෙනගන්න ඇති කියලා. එහෙනම් මතක ඇතිව comment එකකුත් දාලා යන්නකෝ.







7 Comments
This comment has been removed by the author.
ReplyDeleteBeautiful Sri Lanka !
ReplyDeleteSuperb.
ReplyDelete😍❤️
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete😍💕
ReplyDelete🙏
Delete