ස්වභාවික ගල් පර්වතයක පිහිටි ගලින්ම උන්නත රූපයක් ලෙස මෙම ප්‍රතිමාව නෙළා තිබීම මෙහි ඇති විශේෂත්වයක් වෙනවා. ඒ වගේම පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රතිමාව ද පිහිටි ගලෙහි නිර්මාණය කර ඇති බව අප මතකයට එන්නකි. කෙසේ නමුදු වැලිගම කුෂ්ඨරාජගල ප්‍රතිමාව ද අවලෝකිතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස හඳුනාගන්න පුළුවන්.මෙම ප්රතිමාවෙහි දකුණු අත විතර්ක මුද්‍රාවද වම් අත ආහ්වාන මුද්‍රාවද නිරූපණය කරනවා. ඊට අමතර තවත් විශේෂත්වයන් ගොඩක් තියෙනවා..
ඇත්තටම ඇයි කුෂ්ඨරාජගල කියන්නේ...?
මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී විවිධ පුද්ගලයන් විවිධ මත අදහස් දක්වා තියෙන බව හඳුනාගන්නට පුළුවන් වුණා. ඒ අතර එක ප්‍රධාන මතයක් වන්නේ කුෂ්ඨ රෝගය වැළඳුණු පැරැණි රජ කෙනෙක් තම රෝගය සුව කර ගැනීමට වූ පොරොන්දුවක් හෙවත් භාරයක් ඔප්පු කිරීම සඳහා මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇති බවයි.
ඒවගේම වැලිගම කියන්නේ වරාය නගරයක්. ඈත අතීතයේ පටන් පුරාණ වරායවල් අසල මෙවැනි අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම වැඳුම් පිදුම් කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම නාවික යාත්‍රාවල ගමන් කරන අයගේ ආරක්ෂාව උදෙසා මෙලෙස වන්දනාමාන කර ඇති බව පුරාණ කතා වල සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශවල වරාය මූලික කර ගනිමින් නිර්මාණය වූ මෙවැනි ප්‍රතිමා හමුවෙලා තියෙන අතර මෙම කුෂ්ඨරාජගල ප්‍රතිමාවද මුහුණලා ඇත්තේ වැලිගම වරායටය. ඊට අමතර තවත් බොහෝ බෝධිසත්ව ප්‍රතිමා ලංකාදීපයේ බොහෝ ප්‍රදේශවලින් හමුවී ඇති නමුත් වැලිගම කුෂ්ටරාජගල ප්රතිමාවෙහි සමාධි බුද්ධ ප්‍රතිමා සතරක්ම ජටා මකූඨයෙහි මූර්තිමත් කර තිබීම එහි ඇති විශේෂත්වයකි.
මෙම කුෂ්ඨරාජගල මූර්තිය මගින් නිරූපණය කරන්නේ නාථ දෙවියන් යැයි මතයක් ඇති අතර අවලෝකිතේෂ්වර නාථ දෙවියන් පිදීම රෝග ව්‍යාධි සමනය කිරීමට හේතුවන බව බොහෝ දෙනාගේ මතයයි. ඒ පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද මත අදහස් පළ කරලා තියෙනවා.
මෙම කුෂ්ඨරාජගල ප්‍රතිමාව හා අග්‍රබෝධි විහාරය එකම බිම්කඩක පුරාණයේ පිහිටා තිබූ නමුත් පසුකාලීනව එනම් බ්‍රිතාන්‍ය යුගයේ දී සාදන ලද දුම්රිය මාර්ගය හේතුවෙන් මෙම පුදබිම අද වන විට දෙකඩ වෙලා තියෙනවා. ඒ හේතුවෙන් මෙම පුදබිම එකක් ලෙසින් පුරාණ කාලයේදී පැවති බව ඉතිහාස කතා අනුව ද පැහැදිලිය.
ඔන්න ඕකයි වැලිගම කුෂ්ඨරාජගල කතාව. අභිමානවත් දකුණු පුරවරයේ සැඟවුණු මෙවැනි අග්‍රගන්‍ය තැන් ඔයාලත් දන්නවනම් පහළින් කමෙන්ටුවක් දාන් යන්න..
පරිශ්‍රයට ගොස් අධ්‍යයනය






15 Comments
🥰🥰
ReplyDeleteThank you !
Delete🔥❤️🔥✨
ReplyDeleteහරිම වැදගත් 🙏
ReplyDeleteThank You !!
Deleteදකුණු පලාතේ තියන වටින තැන් ගැන දැන ගන්න ට්‍රැවල් කරන්න ආසා හැමෝටම 😊
ReplyDeleteThank you!
Delete👍👍
ReplyDeleteThank You !
Delete😍❤️
ReplyDeleteThank You!
Delete❤❤
ReplyDeleteThank You!
DeleteNice ❤
ReplyDeleteThank you!
Delete